Wednesday, January 15, 2014

මවකගේ ගීයක්...


මගේ පැදුරෙන් මිදී කෙල්ලට වාසලට යන්නට වුණා
අනේ ඒකිගෙ කැකුළු ඇඟ-කඳ හැම වෙලාවෙම සිහි වුණා
මාලිගාවෙන් අපේ ගෙපැලට තෑගි-බෝගත් හිමි වුණා
සිහිල් ජල කෙළි - දුහුල් සළු පිළි දුවට හිමි බව සැල වුණා

මහා සීගිරි ගලේ මුදුනක උඹේ රුව සිත්තම් වුණා
එය බලන්න ම හොරෙන් හවසක මාත් එතනට ගොඩ වුණා
කරඬුවක් වගෙ උඹේ උඩු කය අනෙක් වුන් මැද දිලිසුණා
මගේ හුස්මක් ගැටී වෙන්නැති දුවේ කළු ගල හෙලවුණා

පපුව ටික ටික මෙළෙක් වෙනකොට එන්න වෙයි මං දන්නවා
උඹේ දූවිලි සුවඳ තැවරුණු පැදුර තාමත් තියෙනවා
දැනුත් සීගිරි සිංහයා කට ඇරන් ඉන්නවා පේනවා
ඒ ඉසව්වෙන් යද්දි මං පොඩි කෙල්ල හංගාගන්නවා

                       උපුටාගැනීම :
                             - මහින්ද ප්‍රසාද් මස්ඉඹුල (ඇහි පියන් ඇහැරිලා)

No comments:

Post a Comment